ජීවිතයේ නුහුරු දේවල් ආරම්භයේදි දුෂ්කර වුවද පුහුණුව තුළින් සාර්ථක නිමාවන් කර ළගා වෙන්න පුළුවන්. නිවසේ සිට වැඩ කිරීම අදවන විට බහුලව සිදුවන කාර්යයකි. තාක්ෂණික දැනුම ප්‍රමාණවත්ව නොතිබුණු සමාජයකට එහි ආධුනිකබව අනිවාර්ය යි. අලුත් ජීවිතයේ මුහුණ දෙනු ලබන විවිධ අභියෝගයන් ඇත. වෙනදා නිවසින් බැහැරව යාමේ අරමුණ වනුයේ  රාජකාර්යම පමණි. එහෙත් නිවසේ සිට වැඩ කිරීමේදි සාමාන්‍ය නිවසේ පරිසරය සමඟ යහපත් මානසික සෞඛයකින් යුතුව වැඩ කිරීම තරමක් අසීරු විය හැකිය. රාජ කාර්යයේදි ඔබ සේවකයෙක් වුවද නිවසේ රැඳි සිටින සෑම මොහොතකම ඔබගේ භූමිකාව වෙනස් නොවේ. එනිසාම පුද්ගලික ජීවිතය සමඟ රාජ කාර්ය නිවසේ දි එකිනෙකට සෘජු සම්බන්ධයක් පවති. එමඟින් රාජ කාර්යමය කටයුතුවල අපේක්ෂිත ඉලක්ක අසම්පූර්ණ වීමට පවතින ඉඩකඩ වැඩියි. මෙම තත්වය මඟහැරලීම සඳහා අපට භාවිත කල හැකි ක්‍රමවේද කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.

1.      

Relax your mind
Relax your mind

දෛනික සැලස්මක් ගොඩ නැගීම

දෛනිකව ඔබ අවදී වීමේ සිට රාජ කාර්ය ආරම්භ කිරීම සහ දවස නිමාව දක්වා වූ කාර්යයන් නිවැරදිව පිළිවෙල කරගැනීම මෙහිදි සිදුකරගත යුතු ය. උදාසුන ආහාරය, දවල් ආහාරය, ආදිය සකස් කරගැනීම, දරුවන්ගේ කටයුතු ආදි සියල්ලටම නිශ්චිත විසදුම් ඔබගේ සැලැස්ම තුළ අන්තරගත විය යුතු ය. ඔබගේ දෛනික සූදානම් බව නිශ්චිතව ඔබගේ වෘතීමය නිලධාරීන් දැනගත යුතුය. එය ඔබගේ සේවය පහසුවෙන් ආයතනය හා සම්බන්ධ කරගැනීමට උපකාරයකි.

2.       සුදුසු අවකාශයක් සකස් කර ගැනීම

රාජ කාර්යමය කටයුතු සඳහා බාධා අවම වන පරිදි සහ මානසික සැහැල්ලුවක් සපයාගත හැකි ස්ථානයක් වෙන්ව තිබීම නිවසේදී වැඩ කරන ඔබගේ කාර්යය වඩාත් පහසු කරනු ඇත. ඔබට පහසුවෙන් අනෙකුත් වැඩ ද කළමනාකරණය කරගත හැකි ස්ථානයක් වීම වඩාත් සුදුසු ය. කුඩා දරුවන් සිටී නම් ඔවුන් කෙරෙහි යම් අවධානයක් තබා ගැනීමට මෙය පහසුවකි. එමෙන් ම වැඩ අවසන් වූ පසු ඔබ භාවිත කළ රාජකාර්යමය ස්ථානය පිළිවෙල කිරීමට ද අමතක නොකරන්න.

3.       ප්‍රමුඛතා ලබාදීම

විවිධ කාර්යයන් හා සම්බන්ධ වීමට නිවසේ දි ඔබට සිදු වේ. එහෙත් ප්‍රමුඛතා හඳුනා ගැනීම මෙය වඩාත් පහසු කරවයි. අපි අවධානය යොමු නොකළ යුතු දේ කෙරෙහි ඇතැම් අවස්ථාවන්හි ඉහළ අවධානයක් යොමු කරනවා. එවැනි නුසුදුසු අවස්ථා මඟ හැර සුදුසු දේට පමණක් ප්‍රමුඛතාව ලබාදීම නිවසේ සිට වැඩ කරනු ලබන ඔබගේ මානසික සෞඛ්‍ය කෙරෙහි වැදගත් කාරණයකි. එමෙන්ම කළ යුතුම කාර්යයන් කල් නොදමන්න. වැඩ එකතු කරගැනීම මානසික ආතතිය වර්ධනයට හේතුවකි. කළ යුතු සහ කළ හැකි වැඩවලට ප්‍රමුඛතා ලබාදීම සාර්ථක රාජ කාර්යයන්හි නියැලෙන ඔබ කළ යුතුම දෙයකි. යම් ආකාරයකින් වැඩ වැඩි වුවහොත් ඒවා කල් නොදමා අතීරේක කාලයක් ඔබගේ උදාසුන කාලය හෝ රාත්‍රි කාලයෙන් ගෙන කාර්යයන් නිම කරන්න. මන්ද වැඩ ප්‍රමාදයෙන් පීඩනය වන්නේ ඔබමයි. එහෙත් මානිසික පීඩනයන් නොවන පරිදි වැඩ සමතුලිත කරගන්න.

4.       විවේකය ගැනීම

කොපමණ කාර්ය බහුල වුවත් ඔබගේ මොලයට විවේකයක් අවශ්‍යයි. කාර්ය අතරතුර ප්‍රීතිමත් විවේකයක් ලබා ගැනීම අනිවාර්ය කරගන්න. එය ඔබට වඩා ප්‍රීතිමත් ක්‍රමවේදයක් විය හැකිය. තේ එකක් පානය කිරීමෙන්, ගීතයක් රස විඳීමෙන් ආදි කුමන ක්‍රමයක් විය හැකිය. විවෙිකය නිශ්චිත වුවද එය ලබාගන්නා ආකාරය නිශ්චිත කර නොගන්න වග බලා ගන්න.

5.       විසිහතර පැයම සතිය පුරා වැඩ කරන්න එපා.

කොපමණ කළ යුතු කාර්යයන් තිබුණද එම කාර්යයන්හී නිමාවක් කිසිදා නොමැත. වැඩ මනාව කළමනාකරණය කර ගැනීමෙන් කායික සහ මානසික විවේකය ලබා දීම මෙන්ම වැයවන ශක්තිය නැවත අලුත් කරගැනීමට හැකි වනු ඇත. දවස පටන් ගන්න ස්වභාවික මනසක් ඇත්නම් එය කාර්යයන්හි ඉහළ ඵලයන් ලබාගැනීමට උපකාරී වේ. ඔබ කරනු ලබන සියලු කාර්යයන්ගෙන් සතියකට වරක් හෝ ඉවත් වන්න. එහිදි ඔබගේ දුරකථනය, විද්‍යුත් පණිවිඩ ආදියෙන් පවා ඉවත් විය හැකි නම් ඔබට නොසිතන සහනයක්, ශක්තියක් මානසික මෙන්ම කායිකව ලබාගත හැකිය. නිවසේ යම් පිරිසක් සමඟ එසේ කළ නොහැකි යැයි ඔබට හැඟෙනු ඇත. එහෙත් ඔබට සියල්ලෙන් නිදහස් වීමට යන්නේ නිමේෂයක් පමණි. සියල්ලන් අතර වූව ඔබට සියල්ල අත්හැර මානසික සාමය ලබාගත හැකිය. එයට අවශ්‍ය තරම් පරිසරයක් ඔබට පවති. සියලු විදුලි ලාම්පු නිමා රාත්‍රීයේදි නිවසින් පිටත රැදෙන්න උත්සහ කරන්න. අහස, පරිසරය විඳින්න. මිනිසුන් පාරිසරික සත්වයන් නිසා එමඟින් ඔබට ජවයක් ලැබෙනු ඇත.

6.       සතුටු වීමට කායලයක් වෙන් කරගන්න.

ජීවිතය විඳිය යුත්තක් මිස විඳවන්නක් නොවිය යුතු නිසා ඔබ සතුටු වීමට අපේක්ෂා කරනු ලබන සාධාරණ ක්‍රමවේදයකින් සතුටු වන්න අමතක කරන්න එපා. සතුට සාපේක්ෂ දෙයක්. එය තෝරාගැනීමක්. එම තෝරාගැනීම බාහිරට බාධාවක් නොවන මෙන්ම පීඩාවක් නොවන්නක් ද විය යුත්තක් බව අවධාරණය කරගන්න. මන්ද ඔබ ලබන සතුට මඟින් නරක අතුරු ඵලයන් නොලැබිය යුතු බැවනි.

මෙම ක්‍රමවේද ඔබ නිවසේ සිට වැඩ කිරීමේදි එම කාර්යයන්හි ඉහළ ඵලයන් ලබාගැනීම සඳහා යොදාගත හැකිය. සෑම විටම ඔබගෙන් විය යුතු කාර්ය නිසි පරිදි ඉටු කරමින් ඔබගේ සහ පවුලේද සමඟිය සුරක්ෂිත කරමින් ආරක්ෂිතව ඔබගේ දවස ගතකනරන්න උත්සුක වන්න!

හාපත්ගමුවේ පේමරතන හිමි