විවිධ බලාපොරොත්තු සහිතව ජීවත් වන ඔබ නොයෙක් ආකාරයෙ කාර්ය බහුල වන අවස්ථා පවති. එහි විපාක වශයෙන් විවිධ මානසික ආතතීන්ට ද ගොදුරු වේ. පවුල් ජීවිතය, රාජ කාර්ය ආදිය පමණක් නොව සමාජමය වශයෙන් විවිධ කාර්යයන් සිදු කිරීමට ඔබට සිදුවේ. මේ සියල්ල සමඟ ඔබ මානසික ව්‍යාකූලතාවන්ට ලක්වීමට ඉහළ ප්‍රවණතාවයක් ඇත. කළ යුතුව තිබු කාර්යයන් අවිවේකි බව නිසාම අමතක වනු ඇත. ඔබ කොපමණ කාර්ය බහුල වුවද සියලු කාර්යයන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා මතකය තීරණාත්මක සාධකයකි. හොඳ නින්දක් ලබාගැනීම, විධිමත්ව ශාරීරික අභ්‍යාසවල නියැලීම, නිවැරදි ආහාර රටාව මෙන්ම ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීම ආදි කරුණු මෙහිදි වැදගත් වේ. කරුණු කිහිපයක් පදනම් කොටගෙන සාමාන්‍ය පරිදි මතකය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරමු.
01. විවිධ දේවල් සමඟ සම්බන්ධ කිරීම.
ඔබ කාමරය
තුළ ඇවිදින විටදි මතක තබාගැනීමට අවශ්‍ය දේවල් ඇතුළත් ගොණුවක් එකිනෙකට සම්බන්ධ
කතාවක් මෙන් නිර්මාණය කරීම හෝ ස්මරණය කරීම, නිතර ඇස ගැටෙන සරළ ආදේශකයන් මඟින් මතකය
පවත්වාගෙන යාම. ඔබගේ ඉන්ද්‍රියන් හා සම්බන්ධ වුණු විවිධ අරමුණු(දැකීම, ඇසීම, ආඝ්‍රහණය,
රස දැනීම සහ ඔබගේ ශරීරයේ ස්පර්ශයන්) පිළිබඳව දෛනිකව මිනිත්තු කිහිපයක් හෝ සිතන්න.
02. මතකය ඒකාබද්ධ කිරීම
වාචික හෝ
ප්‍රායෝගික කාර්යයන් මතකය සමඟ ඒකාබන්ධ කිරීම. ඔබට යම් පුද්ගලයකු හමු වූවා යැයි
සිතන්න. ඔහු ඔබේ මතකයේ සිටිය යුතු පුද්ගලයෙක් නම් නැවත වරක් ඔහුගේ නම ඔබට ඇසෙන සේ
කියවන්න. ඒ සමඟ තවත් මොනයම් හෝ ක්‍රියාවක් කරන්න.
03. සංවිධානය කිරීම
කාර්යයන් එකතුවන විට ලැබෙන පීඩනය ඉහළ යයි. එවිට ඔබ මොළය තරමක් නොසන්සුන්
වෙයි. එහිදි එළඹෙන සතිය කාර්ය බහුල බව ඔබට වැටහෙයි. වෙහෙස කර බව මනසිකව අතීන්
දක්වා වර්ධනය වේ. මෙහිදි ඔබගේ කළ යුතු කාර්ය කොටස් නිම කළ යුතු පිළිවෙලට සංවිධානය
කිරීම මඟින් අවම පීඩනයකින් කාර්යයන් නිම කළ හැකි මෙන්ම අතපසුවීම් වළවක්වා ගත
හැකිය. ඔබගේ ජංගම දුරකථන දින දර්ශනය භාවිතයෙන් හෝ සරලව එම සැලැස්ම සංවිධානය
කරගැනීම ඔබගේ අමතක වීම අමතක කරනු ඇත.
04. දිගු කාලීන මතකයේ තැම්පත් කිරීම.
ඔබගේ මතකය අනුත්සාහිකව සිදුවීමට නම් එය දිගු කාලීන මතකයක් වශයෙන් ඔබගේ
මොළයේ තැම්පත් විය යුතුය. ඔබට සාපේක්ෂ ක්‍රමවේද කිහිපයක් අනුගමනය කර බැලීමෙන් සහ
නැවත නැවත එම කාර්යයන්හි නියැලීමෙන් ස්ථීර මතකය තුළ අවශ්‍ය කරුණු ගබඩා වේ.
කෙසේ වෙතත් මතකය පුද්ගල
ජීවිතයේ වටිනා අවශ්‍යතාවක් වන අතරම අමතකවීමද දෛනිකව ඔබගේ මනස සුවපත් වන අවස්ථාද
පවතින බව අවධාරණය කරගන්න. කුමන දෙයක් හෝ මතක තබා ගැනීමේ සාර්ථකම ක්‍රමවේදය නම්
සවිඤ්ඤානිකව අදාළ කාර්යයන්හි නැයැලීමයි. එවිට ඉන්ද්‍රිය හා ගෝචර වන දැ මතකයේ පවති.
එනම් උවමනාව, කැමැත්ත මත සිදුවන දෙයක් නම් එවැනි දෑ අමතක නොවනු ඇත.
හාපත්ගමුවේ පේමතරන හිමි
0 Comments